නවසිලන්තය යළිත් සෙළවෙයි.

18

නවසීලන්ත මුහුදේ අද පස්වරුවේ තවත් ප්‍රබල භූ කම්පනයක් වාර්තා වුණා.

 

ඒ රික්ටර් පරිමාණයේ ඒකක 6 යි දශම 3 ක ප්‍රබලතාවකින්.

භූ කම්පනය සිදුව ඇත්තේ උතුරු දිවයිනේ ගිස්බෝන් නුවරට කිලෝමීටර් 181 ක් ඔබ්බෙන් මුහුදු පත්ලේ කිලෝමීටර් 9 ක් ගැඹුරෙන් බවයි ඇමෙරිකානු භූ විද්‍යා ආයතනය පැවසුවේ.

කෙසේ වෙතත් මෙම භූ කම්පනයෙන් ජිවිත හෝ දේපල හානි වාර්තා වී නොමැති අතර සුනාමි අවදානමක් ද ප්‍රකාශයට පත් කර නැහැ.

පසුගිය දින කිහිපය තුළ නවසීලන්තයට ආසන්න පැසිෆික් මුහුදු කලාපයේ භූ කම්පන කිහිපයක්ම වාර්තා වූ අතර, පෙරේදා සිදුවූ එවැනි එක් භූ කම්පනයක් රික්ටර් පරිමාණයේ 8 යි දශම 1ක ප්‍රබලතාවකින් යුක්තව වාර්තා වුණා.

එහිදී වෙරළාසන්න ප්‍රදේශවලින් ජනතාව ඉවත් කිරීමටයි නවසීලන්ත බලධාරින් පියවර ගනු ලැබුවේ.

 

Your Comments