නරේන්ද්‍ර මෝදි කේරළයට

46

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට බලපා ඇති අධික වැසි සහිත අහයපත් කාලගුණ තත්ත්වය පිළිබඳ සොයා බැලීම සඳහා එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එම ප්‍රදේශයට පැමිණ තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ අග්‍රාමාත්‍යවරයා විසින් ගුවන් නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අවට ප්‍රදේශවල තත්ත්වය නිරීක්ෂණයට ලක් කළ බවයි.
කේරළ ප්‍රාන්තයට බලපා ඇති අහයපත් කාලගුණ හේතුවෙන් මිය ගිය පුද්ගල සංඛ්‍යාව 324ක් දක්වා ඉහළ ගොස් ඇති අතර අවතැන් වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව තුන් ලක්ෂ 10, 000 ඉක්මවන බව සඳහන්.
ඔවුන් අවතැන් කඳවුරු 2000 ක රඳවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.
සියවසකට පමණ පසුව දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට බලපැ දරුණුතම කාලගුණ විපර්යාසය මෙය බවයි වාර්තා වන්නේ.
මේ වන විටත් කේරළ ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 14න් 13කටම කාලගුණය පිළිබඳව රතු නිවේදන නිකුත් කර තිබෙනවා.
අවතැන් වූවන්ට සහන සැලසීම සඳහා ඉන්දීය රුපියල් කෝටි 500 ක මුදලක් අග්‍රාමාත්‍යවරයා විසින් වෙන් කර තිබෙනවා.

Your Comments