නයිජිරියාවේ ගැටුමකින් 110ක් මරුට

30

ඊසාන දිග නයිජීරියාවේ සිවිල් ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 110 කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා.

බෝනෝ ප්‍රාන්තයේ සිවිල් ගැටුම් ඉහළ ගොස් ඇති අතර මිය ගොස් ඇති වැඩි පිරිස ගොවියන් බවයි වාර්තා වන්නේ.
මෙහි වගකීම කිසිදු කණ්ඩායමක් භාරගෙන නැහැ.

කෙසේ වෙතත් අයි එස් ත්‍රස්ත සංවිධානයට අයත් බොකෝහරාම් සංවිධානය මෙය සිදුකරන්නට ඇති බවටයි බලධාරීන් සැක පළ කරන්නේ.

Your Comments