ධවල මන්දිරය බිය ගැන්වුයේ කුරුළු රෑනක් දැයි සැකයක්

14

හදුනානොගත් යානයක් අමෙරිකාවේ වොෂින්ටන් නුවර ගුවන් කලාපයට අනවසරයෙන් ඇතුලු වී ඇති බව පවසමින් ධවල මන්දිරය වසා දැමීමට හේතු වූ සිද්ධිය කුරුළු රෑනක් පියඹා යාම හෝ ඩ්‍රෝන යානාවක් විය හැකි බවට සැක පළ වී තිබෙනවා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව සදහන්.
එම විමර්ශන කණ්ඩායම් ප්‍රකාශ කර ඇත්තේ කුරුළු රෑනක් ඉතා සෙමින් පියාඹා යන අවස්ථාවක් මෙලෙස රේඩාර් පද්ධතියේ සටහන් වීම මෙම සිද්ධියට හේතුවන්නට ඇති බවයි.
එහෙත් මෙම සිදුවීම කුමක්ද යන්න අමෙරිකානු බලධාරීන් මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නැහැ.
හඳුනා නොගත් ගුවන් යානයක් වොෂින්ටන් නුවරට ඇතුලුවී ඇති බව පවසමින් වසා දැමූ ධවල මන්දිරය මේ වනවිට විවෘත කර තිබෙනවා.

Your Comments