ධවල මන්දිරය අසල වෙඩි තැබීමක් – රහස් ඔත්තු සේවය ජනපති ට්‍රම්ප් වහා පිටතට කැඳවයි (VIDEO)

74

ධවල මන්දිරයෙන් පිටත වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

ඒ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ මාධ්‍ය සාකච්ජාවක් පවත්වන අතරතුර දී.

එහි දී එක්සත් ජනපද රහස් ඔත්තු සේවය විසින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම ස්ථානයෙන් පිටතට කැඳවාගෙන යාමට යුහුසුළුව කටයුතු කළා.

ජනාධිපතිවරයා අසලට පැමිණි රහස් ඔත්තු සේවා නිලධාරියෙකු, සිදුව තිබෙන සිද්ධිය සම්බන්ධයෙන් කෙටියෙන් දන්වා ජනාධිපතිවරයා පිටතට කැඳවාගෙන යන අයුරුදක්නට ලැබෙනවා.

කෙසේ වෙතත් මිනිත්තු 9කට පමණ පසු ජනාධිපතිවරයා නැවත මාධ්‍ය හමුවට එක්වෙමින් කරුණු දක්වා ඇත්තේ ධවල මන්දිරයට ආසන්න මාර්ගයකදී ආරක්ෂක නිලධාරියෙකු විසින් සැකකරුවෙකුට වෙඩි තැබීමක් සිදුකර ඇති බවයි.

තුවාලකරු රෝහල් ගත කර තිබෙනෙවා.

 

Your Comments