ධවල මන්දිරයේ එසවෙන සුදුකොඩි ගැන බයිඩ්න්ගෙන් අනාවැකියක්

24

ට්‍රම්ප් පරිපාලනය අමෙරිකානු ජනතාව ආරක්ෂා කිරීම සඳහා වන සිය මූලික යුතුකම පවා අතහැර දමා ඇතැයි ප්‍රතිවාදී ජනාධිපතිවරණ අපේක්ෂක ජෝ බයිඩ්න් පවසනවා.

ඒ ධවල මන්දිර මාණ්ඩලික ප්‍රධානී මාක් මෙඩොස් කළ ප්‍රකාශයක් උපුටා දක්වමින්.

සී එන් එන් ප්‍රවෘත්ති සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ධවල මන්දිර මාණ්ඩලික ප්‍රධානියා පැවසුවේ කොවිඩ් 19 වෛරසය පාලනය කිරීම යථාර්තවාදී ඉලක්කයක් නොවන බවයි.

මෙම ප්‍රකාශයත් සමග ධවල මන්දිරය පරාජයේ සුදුකොඩි ඔසවමින් සිටින බවයි ඩිමොක්‍රොටික් ජනාධිපතිවරණ අපේක්ෂක ජෝ බයිඩ්න්ස් උපුටා දක්වමින් බී බී සී පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කළේ.

අමෙරිකානු ජනාධිපතිවරණයට තවත් දින 8ක් ඉතිරිව තිබියදී සිදුකළ මෙම ප්‍රදේශය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ජයග්‍රහණයට සාධනීය බලපෑමක් ඇතිකළ හැකි බවයි දේශපාලන විචාරකයින් පවසන්නේ.

 

Your Comments