දෝෂාභියෝගයෙන් ට්‍රම්ප්ට පරාජය

14

දෝෂාභියෝග ඡන්ද විමසීමෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජයට පත්වුණා.
ඒ, ඡන්ද 232ට 197ක් ලෙස ප්‍රකාශවීම හේතුවෙන්.

දෝෂාභියෝග ඡන්ද විමසීමේදී රිපබ්ලිකන් මන්ත්‍රීවරුන් 10 දෙනෙකු ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඡන්දය භාවිත කර තිබු අතර මන්ත්‍රීවරුන් සිව්දෙනෙක් ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටියා.

අමෙරිකානු ඉතිහාසයේ ජනාධිපතිවරයකුට එරෙහිව දෙවරක් දෝෂාභියෝග යෝජනා ඉදිරිපත් කෙරුණු ප්‍රථම අවස්ථාව මෙයයි.
කෙසේවෙතත් මෙම දෝෂාභියෝගය, රටෙහි බෙදීම උත්සන්න කිරීමට හේතුවනු ඇතැයි රිපබ්ලිකන් මන්ත්‍රීවරුන් අනතුරු අඟවා තිබෙනවා.
දෝෂාභියෝග ඡන්ද විමසීමෙන්වේ ටික වේලාවකට පසු ඩොනල්ඩ් ට්‍රම්ප්, සිය ආධාරකරුවන් ක්‍රියාත්මක කළ කැපිටල් හිල් ප්‍රචණ්ඩ ක්‍රියා තරයේ හෙළා දකිමින් ධවල මන්දිර ට්විටර් ගිණුමට වීඩියෝවක් නිකුත් කළා.
ඔහු අමෙරිකානුවන්ගෙන් ඉල්ලා සිටියේ, ආවේගශීලිත්වයෙන් මිදී එකම රටක පුරවැසියන් සේ එක්ව කටයුතු කරන ලෙසයි.

තමාගේ සැබෑ ආධාරකරුවකුට කෙදිනකවත් දේශපාලන ප්‍රචණ්ඩත්වයේ නිරතවිය නොහැකි බව ද ඔහු සඳහන් කර සිටියා.
අමෙරිකාවට පැහැදිලි තර්ජනයක් එල්ලකරන ට්‍රම්ප් අනිවාර්යයෙන්ම බලයෙන් ඉවත්විය යුතු බවයි ඩිමොක්‍රටික් දේශපාලනඥ නැන්සි පොලෝසි සඳහන් කළේ.

කැපිටල් හිල් ගොඩනැගිල්ලට කඩා වැදුණු විරෝධතාකරුවන් දිරි ගැන්වීමේ චෝදනා මතයි දෝෂාභියෝගය ගොනු කෙරුනේ.
ට්‍රම්ප් නෙරපීමේ අරමුණෙන් සම්මත කරගත් දෝෂාභියෝගය සෙනෙට් සභාව වෙත යොමු කෙරෙනු ඇති.

කෙසේ වෙතත් එම කටයුතු ලබන 20 වැනි දා ට්‍රම්ප් ධුරයෙන් ඉවත් වූ පසු ක්‍රියාත්මක කෙරෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Your Comments