“දුවන්න..! දුවන්න !” … කූඩාරම කඩා වැටෙනු දුටු දේශකයා දන්වයි – 15ක් මරුට – 50කට තුවාල (PHOTOs)

447

ඉන්දියාවේ රාජස්ථාන් ප‍්‍රාන්තයේ කූඩාරමක් කඩාවැටීමෙන් 15 දෙනෙකු මියගොස් තවත් 50කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

ආගමික උත්සවයක් සඳහා සූදානම් කර තිබූ තාවකාලික ඉදිකිරීමකුයි කඩා වැටී ඇත්තේ.

එහි විදුලි රැහැන් රැස්ව සිටි පිරිස මතට කඩා වැටීමෙන් මරණ වැඩි සංඛ්‍යාවක් සිදුව තිබෙනවා.

දැඩි වර්ෂාව සහ සුළං තත්ත්වය හේතුවෙන් ඉදිකිරීම කඩාවැටී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

අනතුර සිදුවන අවස්ථාවේ 700 ක පමණ පිරිසක් රැස්ව සිට තිබෙනවා.

රාම් කතා (Ram Katha) හෙවත් රාම්ගේ කතාව (The story of Ram) නමින් Jasol ප්‍රදේශයේ උත්සවය සංවිධාන කර තිබුණා.

පැමිණෙන පිරිසට රැඳී සිටීම වෙනුවෙන් සකස් කළ තාවකාලික මඩුවකුයි කඩා වැටී ඇත්තේ.

එම අවස්ථාවේ දේශනයේ නිරතව සිටි ආරාධිතයා, කූඩාරම කඩා වැටෙනු දැක ‘වහා දිව යන්නැයි’ ජනතාවට දන්වා තිබෙනවා.

මරණකරුවන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 5 බැගින් සහ තුවාල කරුවන් වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙක බැගින් වන්දි ගෙවීමට කටයුතු කෙරෙන බවයි රාජස්ථාන ප්‍රධාන අමාත්‍ය Ashok Gehlot පැවසුවේ.

මේ අතර අනතුර සම්බනධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවද ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළා.

Your Comments