දුම්රියක් උඩුයටිකුරු වෙයි – 7ක් මරුට

30

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ජෝග්බානි නුවර සිට නවදිල්ලි අගනුවර බලා පැමිණෙමින් තිබූ අධිවේගී දුම්රියක් බිහාරයේ වෛශාලි ප්‍රදේශයේදී පීලිපැනීමට ලක්වීමෙන් එහි මගීන් 7 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

අද අලුයම අනතුරට ලක්වූ සීමන්චාල් අධිවේගී දුම්රියේ සිටි තවත් 14 දෙනෙකු තුවාල ලැබුවා.

දුම්රියේ මැදිරි 9 ක්, පීලිපැනීමට ලක්ව ඇති අතර, ඉන් 3 ක් උඩුයටිකුරුව පෙරළී ගියා.

Your Comments