දිනක් තුළ ඉන්දියාවෙන් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන පසුගිය පැය 24දී වාර්තා වෙයි

33

දිනක් තුල ඉන්දියාවෙන් වාර්තා වු වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාව ගත වු පැය 24 තුල වාර්තා වී තිබෙනවා.
එම සංඛ්‍යාව 6 දහසක් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කලේ.
මේ වන විට ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් එක්ලක්ෂ 19 දහස් 419 දෙනෙකු වාර්තා වී ඇති අතර මිය ගොස් ඇති පුද්ගලයන්ගේ සංඛ්‍යාව 3 දහස් 599ක්.
මේ අතර, ලොව පුරා කොරෝනා වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව මේ වන විට 52 ලක්ෂ 26 දහස් 101 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව තුන් ලක්ෂ 35 දහස් 218ක්.
ආසාදනය වූවන්ගෙන් 21 ලක්ෂ 2256 දෙනෙකු සුවය ලබා ඇති බව ද සදහන්.
මේ අතර, වෛරසය ආසාදනය වූවන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වන අමෙරිකාවේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට මිලියන 1.62 ඉක්මවා තිබෙනවා.

Your Comments