දකුණු අප්‍රිකාවේ දුම්රිය අනතුරකින් 400කට ආසන්න පිරිසක් තුවාල ලබයි

7

දකුණු අප්‍රීකාවේ සිදු වු දුම්රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් 400කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනවා.
දකුණු අප්‍රීකාවේ පිටෝරීයා අගනුවර මෙම අනතුර සිදු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
අනතුරින් තුවාල ලැබු 78 දෙනෙකුගේ තත්වය බරපතල බවද සඳහන්.
විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කළේ අනතුර සම්බන්ධයෙන් එරට බලධාරීන් විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවයි.

Your Comments