තෙරේසා මේ ගේ යෝජනාව යළි ප්‍රතික්ෂේප වෙයි

5

අග්‍රාමාත්‍ය තෙරේසා මේ ඉදිරිපත් කළ බ්‍රෙක්සිට් යෝජනාව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් යළි ප්‍රතික්ෂේප වුණා. ඊට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 242 ක්. විපක්ෂව ඡන්ද 391 ක් ලැබී තිබෙනවා. ඒ අනුව ඡන්ද 149 කින් දෙවන වරටත් බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේදී යෝජනාව පරාජයට පත්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
මීටපෙර ද අග්‍රාමාත්‍යවරියගේ යෝජනාවට බහුතරයක් විරෝධය පළකළා.
ඒ අනුව වෙනස්කම් සමඟින් යුරෝපයෙන් ඉවත්වීමේ වැඩපිළිවෙල යළිත් ක්‍රියාත්මක කරන බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ.
ගිවිසුමට අනුව බි්‍රතාන්‍යයට යුරෝපා සංගමයෙන් ඉවත්වීමට නියමිතව තිබෙන්නේ ලබන 29 වෙනිදා යි.

Your Comments