තුර්කි ජනපතිගේ ආරාධනාවක් අමෙරිකානු ජනපති පිළිගනී

18

සිය රටේ සංචාරයකට පැමිණෙන ලෙස තුර්කි ජනාධිපති රිසෙප් තායිප් අර්ඩගන්, කළ ඉල්ලීම ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පිලිගෙන ඇති බව වාර්තා වනවා.
තුර්කි මාධ්‍ය මේ පිළිබඳව වාර්තා කළේ එරට ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක් අනුවයි.
ඒ අනුව ඇමෙරිකා ජනපති ට්‍රම්ප්, තුර්කියට පැමිණීමට නියමිතව ඇතැයි පැවැසෙන්නේ ලබන 2019 දීයි.
කෙසේ වෙතත් ඔහු පැමිණෙන දිනය මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.
සිරියා අර්බුදය මෙන්ම වෙනත් දේශපාලන අර්බුද හේතුවෙන් ඇමෙරිකා ජනපති ට්‍රම්ප් සහ තුර්කි ජනාධිපතිවරයා අතර පසුගිය කාලයේ මත ගැටුම් පැවතියා.

Your Comments