තුර්කියේ ඇමතිවරුන් දෙදෙනෙකුට අමෙරිකාවෙන් සම්බාධක

35

තුර්කියේ අමාත්‍යවරුන් දෙදෙනෙකුට අමාත්‍යවරුන් විසින් සම්බාධක පනවා තිබෙනවා.
එලෙස සම්බාධක පනවා ඇත්තේ තුර්කියේ අධිකරණ හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරුන් දෙදෙනාටයි.
අමෙරිකානු පූජකවරයෙකු තුර්කියේ රඳවා තබාගැනීමට විරෝධය පළ කරමින් මෙම පියවර ගත් බවයි ධවල මන්දිර ප්‍රකාශිකා සාරා සැන්ඩ්‍රස් සඳහන් කරන්නේ.
ඒ අනුව අදාළ අමාත්‍යවරුන් සතු අමෙරිකානු පාලනය යටතේ පවතින දේපල අත්හිටුවා ඇති අතර, ඔවුන්ගේ ආයතන සමග ගනුදෙනු කිරීම අමෙරිකානු වැසියන්ට තහනම් කර තිබෙනවා.

Your Comments