තුර්කියේදී ඝාතනයට ලක්වූ මාධ්‍යවේදියාගේ පවුලේ සාමාජිකයන් අමෙරිකාව බලා පිටත්වෙයි

42

තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළ දී සෞදි නියෝජිතයන් විසින් ඝාතනය කළ මාධ්‍යවේදී ජමාල් කශෝගිගේ වැඩිමහල් පුත් සලා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඊයේ ඇමරිකාව බලා නික්මුණා.
ඒ, සෞදි රජය විසින් ඔවුන්ට එරෙහිව පනවා තිබූ සංචාර තහනම ඉවත් කිරීමෙන් අනතුරුවයි.
සෞදි සහ ඇමරිකානු ද්විත්ව පුරවැසිභාවය හිමි ඔහු එක්සත් ජනපදයේදී ඔහුගේ අනෙකුත් සොහොයුරන් සමඟ එක්වනු ඇති.
සෞදියේ මොහොමඩ් බින් සල්මාන් කුමරු දැඩි ලෙස විවේචනය කළ ජමාල් කශෝගි ද වසරක පමණ කාලයක් තිස්සේ ඇමරිකාවේ වාසය කළ අතරතුරයි තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලයට පැමිණියේ.
කශෝගිගේ පුත්‍රයාට ඔහුගේ පියාගේ ඝාතනය පිළිබඳ නිදහස් මනසකින් යුතුව කම්පාවීමට පවා සෞදි අරාබියෙන් නික්මිය යුතු බව හියුමන් රයිට්ස් වොච් ආයතනය ප්‍රකාශ කළා.
කෙසේ නමුත් ඔහු සෞදි අරාබියෙන් නික්මීමට පෙර බින් සල්මාන් කුමරු හමුවූ අතර ඊට සෞදි මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ද ලබාදුන්නා.

 

Your Comments