තායිලන්තයට හදිසි තත්ත්වයක්

45

තායිලන්ත රජය විසින් විශාල මහජන ඒකරාශිවීම් තහනම් කරමින් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ අරමුණින් එම තීරණය ගත් බවයි එරට වාර්තා සඳහන් කලේ.

රජය නිකුත් කර ඇති හදිසි නීති නිවේදනයට අනුව රට තුළ අර්බුද ඇතිකරන ඕනෑම පාර්ශවයකට එරෙහිව දැඩි පියවර ගැනීමට බලතල හිමිවනවා.

මේ අතර, නැවත වරක් ආසාධිතයන් ඉහළ යාම හමුවේ පැරිස් අගනුවර ඇතුලු ප්‍රධාන නගර 08 කට රාත්‍රී ඇඳිරි නීතිය පැණවීමට ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්‍රොන් තීරණය කර තිබෙනවා.

ලබන සෙනසුරාදා සිට සති 04 ක් සඳහා එය බලපැවැත්වෙනු ඇති.

ඊයේ දිනයේදී ප්‍රංශයෙන් වාර්තාවු ආසාධිතයින් ගණන 23,000 කට ආසන්නයි.

 

Your Comments