ත්‍රස්ත අවදානමක් ගැන ප්‍රංශ ජනපතිගෙන් ප්‍රකාශයක්

19

ත්‍රස්ත ප්‍රහාරයක අවදානමක් පිළිබඳ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් අනතුරු අගවා තිබෙනවා.

ආසන්නතම සිද්ධිය ලෙස ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ පැරීසියේ වයඹ දිග ප්‍රදේශයේදී ගුරුවරයෙකු ඝාතනයට ලක්වීමේ සිද්ධියක්.

ගුරුවරයා නබිනායකතුමන් හා සම්බන්ධ මතභේදාත්මක කාටුන් කිහිපයක් ඇසුරින් සිසුන් පිරිසකට උගන්වා ඇති බවට චෝදනා කරමින් ගෙල කපා ඝාතනය කර තිබුණා.

ජනාධිපති මැක්රොන් අවධාරණය කළේ ගුරුවරයෙකුගේ ප්‍රකාශන අයිතිය ඝාතකයා විසින් පිලිනොගෙන ඇති බවයි.

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආරක්ෂා කිරීමට බැදී සිටින බව පෙන්වා දෙන ජනාධිපතිවරයා ත්‍රස්තයන් පරාජය කිරීම වෙනුවෙන් ක්‍රියා කරන බව ගුරුවරයා ඝාතනයට ලක්වූ ස්ථානයේ සිට ප්‍රකාශ කළා.

Your Comments