තවත් බෝයිං ගුවන් යානයක් කඩාවැටෙයි

15

ඉන්දුනීසියාවේ ජාකර්තා අගනුවරින් ගුවන් ගත වූ බෝයිං 737 වර්ගයේ මගී ගුවන් යානයක් කඩා වැටී තිබෙනවා.

මගීන් 56 දෙනෙකු රැගෙන බෝර්නියෝ දුපත් බලා පියාසර කරමින් තිබු සිරිවිජයා ගුවන් සේවයට අයත් යානයක් මෙලෙස කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ගුවන් ගතවී මිනිත්තු 05 කට පසුව මෙම ගුවන් යානය සහ පාළක මැදිරිය සමග පැවති සම්බන්ධතා බිඳ වැටී තිබෙනවා.

යානයේ බවට සැකකෙරෙන සුන්බුන් මුහුදෙන් හමුවී ඇති අතර මේ වන විට විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව සඳහන්.

Your Comments