තරුණ ප්‍රජාවට මෙන්ම වයස්ගත අයටත් අලුත් එන්නත හොඳයි – ඔක්ස්ෆර්ඩ් කියයි

39

ප්‍රමුඛ පෙලේ කොවිඩ් අත්හදා බැලීමේ එන්නත තරුණ ප්‍රජාව මෙන්ම වැඩිහිටියන් සම්බන්ධයෙන් ද ඉහළ ප්‍රතිඵල පෙන්වා ඇති බව බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල පවසනවා.

නව එන්නත අත්හදා බැලීමේ ක්‍රියාවලියේ තෙවන අදියරේ පවතින අතර එහි හවුල්කරු වන ඇස්ට්‍රා සෙනිකා සමාගම සඳහන් කළේ වසර අවසන් වන විට එය වාණිජ වශයෙන් නිශ්පාදනයට සියල්ල සූදානම් බවයි.

සායනික අත්හදා බැලීමේ දෙවන අදියරේදී එහි ප්‍රතික්‍රියාකාරිත්වයෙහි අතුරු ආබාධ වාර්තා වී ඇත්තේ අවම ප්‍රතිශතයකින් බවයි ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය ප්‍රකාශ කළේ.

චිම්පන්සියන්ගෙන් ලබා ගත් මූලික ප්‍රභේදයකින් එය සායනික මට්ටමේ දී කොවිඩ් වෛරසයට එරෙහි ප්‍රතිශක්තීකරණයක් ලෙස වර්ධනය කර තිබෙනවා.

කෙසේ වෙතත් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සඳහන් කළේ නව එන්නත සම්බන්ධයෙන් අපේක්ෂා සහතව නොසිටින ලෙසයි.

කොවිඩ් වෛරසයේ ගෝලීය ව්‍යාප්තිය හමුවේ එය තවදුරටත් බලපෑම් එල්ල කළ හැකි බවයි ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය අවධාරණය කළේ.

Your Comments