ණය ගෙවා අවසන් කිරීමට රටට වේදනාකාරී ආර්ථික ප්‍රතිසංස්කරණ අවශ්‍යයයි

19

ණය ගෙවා අවසන් කිරීම සඳහා තම රටට වේදනාකාරී ආර්ථික ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්‍රකාශ කළා.
ඩුබායි නුවර ලෝක ආණ්ඩු සම්මේලනය අමතමිනුයි ඔහු මේ බව සඳහන් කර ඇත්තේ.
පකිස්තානය දැවැන්ත අයවැය හිඟයකට මුහුණ දෙමින් සිටින බවත් එම හිඟය පියවා ගැනීමට කටයුතු කරමින් සිටින බව ද ඔහු සඳහන් කළා.
සම්මේලනය ඇමතීමට පෙර පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටීන් ලගාඞ් හමු වී සාකච්ඡා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
පාකිස්තාන රාජ්‍ය බැංකුවට අනුව පාකිස්තානය ගෙවීමට ඇති විදෙස් ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 100කට ආසන්න බව සඳහන්.

Your Comments