ඩොලර් බිලියන 8.1ක අවි ගනුදෙනුවක් වැළැක්වීමට අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය පියවර ගනී

19

සෞදි අරාබිය වෙත සිදු කිරීමට යෝජිත අමෙරිකානු ඩොලර් බිලියන 8.1ක් වටිනා අවි ගණුදෙණුවක් වැළැක්වීමට අමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

ඒ, සදහා වූ ඡන්ද විමසීමකදී අදාළ ගණූදෙනුවට එරෙහි යෝජනාවක් කොන්ග්‍රස් මණ්ඩලයේ දී පැහැදිලි බහුතරයකින් පරාජයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, ඊට එරෙහිව ඉදිරියේ දී ඇතැම්විට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් නිෂේධ බලය භාවිත කරනු ඇති බවටද මත පලව තිබෙනවා.

Your Comments