ඩයනා කුමරියගේ බීබීසී වැඩසටහන පිළිබඳ නව විමර්ශනයක්

21

ඩයනා කුමරිය 1995 වසරේ සහභාගී වූ බී.බී.සී. වැඩසටහන පිළිබඳ නව විමර්ශනයක් සිදුකිරීමට තීරණය කර තිබෙනවා.
ඒ සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු පත්කර ඇති බවයි බී.බී.සී පුවත් සේවය වාර්තා කළේ.
ඩයනා කුමරිය වැඩසටහන සඳහා සහභාගි කරගැනීමට බී.බී.සී. නිෂ්පාදක මාටින් බෂීර් ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කළ බවට ඩයනා කුමරියගේ සොහොයුරු අර්ල් ස්පෙන්සර් විසින් පැමිණිලි කර තිබුණා.
වැඩසටහනෙන් පසු කෙටි කාලයක් තුළ ඩයනා කුමරිය, චාල්ස් කුමරුගෙන් නීත්‍යානුකූලව වෙන් වීමට කටයුතු කළා.
1997 වසරේ ඇය පැරීසියේදී රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූයේ නව පෙම්වතා වූ ඩෝඩී අල්ෆයාඞ් සමඟ ගමන් කරමින් සිටියදී.
මිය යන විට ඩයනා කුමරිය 36 වන වියේ පසුවුණා.
නව විමර්ශනය නිවැරදි මාවතකට පිවිසීමක් බවයි ඩයනා කුමරියගේ වැඩිමහල් පුතු විලියම් කුමරු ප්‍රකාශ කර ඇත්තේ.

Your Comments