ට‍්‍රම්ප්ගේ ඡන්ද පෙත්සමක් නිෂ්ප‍්‍රභ වෙයි

14

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ පාර්ශවය ගොනු කල පෙත්සමක් පෙන්සිල්වේනියා අධිකරණයක් විසින් නිෂ්ප‍්‍රභ කර තිබෙනවා.

පෙත්සමෙන් ඉල්ලා තිබුණේ තැපැල් මඟින් ලැබුණු ඡන්ද මිලියන සංඛ්‍යාවක් අවලංගු කරන ලෙසයි.

ට‍්‍රම්ප්ගේ නීතිඥයන් ගොනු කර ඇති කරුණු තහවුරු කිරීම සඳහා කිසිඳු සාක්ෂියක් නොමැති බව
නඩුව විභාගයට ගත් විනිසුරු මැතිව් බ‍්‍රෑන් සඳහන් කර තිබෙනවා.

පෙන්සිල්වේනියා ප‍්‍රාන්තය ජෝ බයිඞ්න් වැඩි ඡන්ද අසූ දහසකින් පමණ ජය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Your Comments