අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධූරයෙන් නික්ම යාමට පෙර ඔහුගේ බාල දියණිය වන ටිෆනි ට්‍රම්ප් ධවල මන්දිරයේදී විවාහ ගිවිස ගෙන තිබෙනවා.
ඒ නයිජිරියානු සමාගම් සමූහයක හිමිකරුවකු වන 23 හැවිරිදි මයිකල් බූලොස් නමැති ව්‍යාපාරිකයෙකු සමගයි.
ජනපති ට්‍රම්ප්ගේ දෙවන විවාහයේ එකම දරුවා වන 27 හැවිරිදි ටිෆනි – බූලොස් සමග පෙනී සිටින ඡායාරූපයක් ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ පළ කරමින් සඳහන් කළේ ධවල මන්දිරයේදී මතකය ගෞරවයක් බවයි.
ට්‍රම්ප් – 1993 සිට 1999 දක්වා විවාහ වී සිටියේ ජනප්‍රිය නිලියක් මෙන්ම නිරූපිකාවක වන මාලා මේප්ල්ස් සමගයි.
Your Comments