ට්‍රම්ප් තවත් එෆ්.බී.අයි නිලධාරියෙකු නෙරපයි

46

අමෙරිකානු ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් විවේචනය කරමින් කෙටි පණිවුඩ යැවීම හේතුවෙන්, එෆ් බී අයි සංවිධානයේ නියෝජ්‍ය සහකාර අධ්‍යක්ෂවරයෙකු වන පීටර් ස්ට්‍රෝක් එම ධුරයෙන් ඉවත්කර තිබෙනවා.
ඩොනල්ඞ් ට්‍රම්ප් බලයට පත් වූ පසු, එෆ් බී අයි සංවිධානයේ ධුරයෙන් ඉවත් කළ තුන්වන ඉහළ පෙළේ නිලධාරියා මොහුයි.
ඉකුත් ජනපතිවරණයේදී ජනපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඩොනල්ඞ් ට්‍රම්ප් දැඩි සේ විවේචනයට ලක් කිරීම හේතුවෙන් ඔහු මෙලෙස ධුරයෙන් ඉවත් කර ඇති බව සඳහන්.
ඒ අනුව පීටර් ස්ට්‍රෝක්ට දින 60 ක වැඩ තහනමක් හා ඔහුගේ තනතුරද පහත හෙළන බවයි වාර්තා වන්නේ.
අමෙරිකානු නීති දෙපාර්තමේන්තුව කළ අභ්‍යන්තර විමර්ශනයකින් අනතුරුව ඔහු සිය මිතුරන් සමග හුවමාරු කරගත් කෙටි පණිවුඩ පිළිබඳ තොරතුරු හෙළිකර ගැනීමට හැකි වී තිබෙනවා.

Your Comments