ට්‍රම්ප්ට තර්ජනය කළ දරුවා මාධ්‍යට කතා කරයි

33

ඩොනල්ඞ් ට්‍රම්ප්ට තර්ජනය කර සිරියාවේ සිට වීඩියෝවක් නිකුත් කළ කුඩා පිරිමි ළමයෙකු පිලිබද පුවතක් බීබීසි ලෝක සේවය වාර්තා කරනවා.

සිරියාව තුළ සටන් නොනවතින අතර එය ඇමෙරිකාවේදී නතර වනු ඇත.

එබැවින් යුධ වැදීමට සුදානම් වන ලෙස සදහන් වීඩියෝ පටයක් නිකුත් කරමින් ඔහු පවසා තිබුණා.

මෙම පිරිමි දරුවා විසින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට තර්ජනය කර තිබු බව එහි දැක්වුණා.

බීබීසි ලෝක සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් මැතිව් පවසා ඇත්තේ සුළු පියාගේ හිංසනයන්ට බිය වී එම ප්‍රකාශය ආදාළ වීඩියෝවට ඇතුලත් කල බවයි.

2017 වර්ෂයේ දී වයස අවුරුදු 10ක පිරිමි දරුවෙකු වු මැතිව් ව ඔහුගේ මව සහ සුළු පියා විසින් සිරියාවට රැගෙන ගොස් තිබුනා.

කෙසේ වෙතත් ඔහුගේ සුළු පියා ඩ්‍රෝන ප්‍රහාරයකින් එම වසරේදීම මිය ගිය ගොස් තිබෙනවා.

2018 වසරේදී මැතිව්ව අමෙරිකානු හමුදාව විසින් රැගෙන ගොස් ඇති බව සදහන්.

මේ වන විට ඔහු සිය පියා සමග ජිවත් වන බවයි  බීබීසී ලෝක සේවය වාර්තා කලේ.

Your Comments