ට්‍රම්ප්ට ට්විටර් තහනම්

9

තාවකාලිකව අත්හිටුවා තිබූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පෞද්ගලික ට්විටර් ගිණුම ස්ථිරවම අත්හිටුවීමට ට්විටර් සමාගම පියවර ගෙන තිබෙනවා.

 

එම සමාගම සඳහන් කළේ ට්‍රම්ප්ගේ ගිණුමේ ප්‍රකාශ ප්‍රචණ්ඩත්වයට හේතු වන බවයි.

අමෙරිකාවේ පසුගියදා පැවති ගැටුම්වලට සහය දැක්වූ පුද්ගලයින් දේශප්‍රේමීන් ලෙස අමෙරිකානු ජනාධිපතිවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුණා.

ට්‍රම්ප් පාක්ෂිකයින් කැපිටල් හිල් පරිශ්‍රය වැටලීමත් සමග මිලියන 88 කට අධික පරිශීලකයින් පිරිසක් සිටි ගිණුම පැය 12කට අත්හිටුවීමට ට්විටර් සමාගම පියවර ගත්තා.

 

Your Comments