ට්‍රම්ප්ගේ විධායක නියමයන් 15 ක් අවලංගු කරමින් නව ජනපති බයිඩ්න් වැඩ අරඹයි

25

අමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩ්න් අග විනිසුරු ජෝන් රොබට්ස් ඉදිරියේ දිව්රුම් දෙනු ලැබුවා.
ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජෝ බයිඩ්න් කියාසිටියේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වූ බවයි.
සමස්ථ අමෙරිකාවම ඒකරාශී කිරීම අරමුණ බව ද හෙතෙම කියා සිටියා.
නව ජනාධිපතිවරයා ධුරයේ කටයුතු ආරම්භ කරමින් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පණවා තිබූ විධායක නියමයන් 15 ක් අවලංගු කිරීමද විශේෂත්වයක්.

පැරිස් කාළගුණ සම්මුතියට නැවත එක්වීම, ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ සංක්‍රමණ ප්‍රතිපත්ති කිහිපයක් අවලංගු කිරීම මෙන්ම කොරෝනා තත්වය හමුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වීමට හිටපු ජනාධිපතිවරයා ගත් තීරණය අහෝසි කිරීමද ඊට අයත්.


ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සෝනියා සොටෝමේයර් ඉදිරියේ දිව්රුම් දුන් උප ජනාධිපති කමලා හැරිස් එරට ඉතිහාසයේ පළමු අප්‍රිකානු – ආසියානු සම්භවයක් සහිත උප ජනාධිපතිනියයි.


වොෂින්ටනයේදී පැවති උත්සවයට හිටපු ජනාධිපතිවරුන් වන බැරැක් ඔබාමා, බිල් ක්ලින්ටන් සහ ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් සහභාගී වුව ද ට්‍රම්ප් පැමිණ සිටියේ නැහැ.

දිව්රුම්දීමෙන් අනතුරුව ජෝ බයිඩ්න් සහ කමලා හැරිස් මෙන්ම නව පරිපාලනයේ ප්‍රධානීන් සම්ප්‍රදායානුකූලව ධවල මන්දිරයට පැමිණියා

 

Your Comments