ට්‍රම්ප්ගේ යූ ටියුබ් නාලිකාවට සිවිල් අයිතිවාසිකම් කණ්ඩායම් විරෝධය පල කරයි

4

පසුගිය සතියේ කැපිටල් කෝලාහලයෙන් පසුව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට තහනමට ලක් නොකළ එකම සමාජ මාධ්‍ය මෙවලම වන්නේ යූ ටියුබ් ය .

එය ඩොනල්ඩ් ට්‍රම්ප් ක්‍රියාකාරීව සිටින ප්‍රධාන ධාරාවේ සමාජ මාධ්‍ය වේදිකාව වන අතර පසු ගිය දා සිය නාලිකාවට වීඩියෝ අටක් පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නාලිකාව ඉවත් නොකරන්නේ නම් එක්සත් ජනපද සිවිල් අයිතිවාසිකම් කණ්ඩායම් පවසා ඇත්තේ ඇල්ෆබෙට් යූ ටියුබ්ට එරෙහිව දැන්වීම් වර්ජනය කරන බවයි .

මේ වන විට ට්‍රම්ප්ගේ නිල යූ ටියුබ් නාලිකාවේ මිලියන 2.76 ක ග්‍රාහකයින් පිරිසක් සක්‍රියව පවතින බවටයි වාර්තා වන්නේ .

Your Comments