ට්‍රම්ට එරෙහි දෝෂාභියෝගය කොංග්‍රස් මණ්ඩලයට.- එෆ් බී අයි යෙන් අනතුරු ඇඟවීමක්

6

අමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහි දෝශාභියෝග යෝජනාව එරට කොංග්‍රස් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.
ඒ පසුගිය සතියේදී කැපිටල් ගොඩනැගිල්ලේ සිදුවූ නොසන්සුන්තාවයට සම්බන්ධ බවට චෝදනා කරමින්.
මෙම යෝජනාවට උප ජනාධිපති මයික් පෙන්ස් එකගත්වය පළ නොකලහොත් හෙට දිනයේදී ඒ සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් පැවැත්වීමටයි ඩිමොක්‍රටික් පක්ෂ සෙනට් සභිකයන් තීරණය කර ඇත්තේ.

අමෙරිකානු ජනතාවට, රටට සහ ව්‍යවස්ථාවට ජනාධිපතිවරයා ඉමහත් තර්ජනයක් බැවින් ඔහු වහා තනතුරෙන් ඉවත් කල යුතු බවටයි කොංග්‍රස් මණ්ඩලය හමුවට ඉදිරිපත් වී ඇති යෝජනාවේ දක්වා ඇත්තේ.

කෙසේ වෙතත් ලබන 20 වනදා ට්‍රම්ප් නිල වශයෙන් තනතුරෙන් ඉවත්වීමට නියමිතව ඇත්තේ එරට 46 වන ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඞ්න් දිවුරුම් දීමට නියමිත වීම හේතුවෙන්.

මේ අතර දෝශාභියෝග යෝජනාව හේතුවෙන් අමෙරිකාව පුරා මෙම දින කිහිපයේ ප්‍රචණ්ඩ වාතාවරණයක් ඇතිවිය හැකි බවට එෆ් බී අයි ආයතනය අනතුරු අගවා තිබෙනවා.
ආයුධ සන්නද්ධ කණ්ඩායම් නොසන්සුන්තා ඇති කිරීමට උත්සාහ දරණ බවටයි එම වාර්තා තහවුරු කර ඇත්තේ.

 

Your Comments