ටජිකිස්ථානයේ හමුදා මුරපොලකට එල්ල වූ ප්‍රහාරයක් සම්බන්ධයෙන් අයි එස් සංවිධානයට චෝදනා

7

ටජිකිස්ථාන හමුදා මුර පොලක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අයි.එස්. සංවිධානයට චෝදනා එල්ල වනවා.
ප්‍රහාරයෙන් පුද්ගලයින් 17 දෙනෙකු මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ත්‍රස්තවාදීන් විසිදෙනෙකු පමණ පැමිණ වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව සදහන්.
ප්‍රහාරයට වග කිව යුතු බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අයි එස් සංවිධානය මෙතෙක් කිසිවක් ප්‍රකාශයට පත් කර නැහැ.

Your Comments