ජෝර්දානයේ ඔටුන්න හිමි කුමරු නිවාස අඩස්සියේ.

19

තමා නිවාස අඩස්සියේ පසු වන බව ජෝර්දානයේ හිටපු ඔටුන්න හිමි කුමරු වන හම්සා බින් හුසේන් පවසනවා.

 

රජයට එරෙහිව සිදු කරන විවේචනයන්ට එරෙහිව කරනු ලබන මර්දනයේ කොටසක් හැටියට තමා මෙලෙස නිවාස අඩස්සියට පත් කර ඇති බවයි බීබීසි ප්‍රවෘත්ති සේවයට යැවු විඩියෝවක් මගින් ඔහු කියා සිටියේ.

එරට නායකයින්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් දුෂණය හා විවිධ හිරිහැර කිරීම් රැසක් වාර්තා වී ඇති බව ඔහු සිය විඩියෝව මගින් ප්‍රකාශ කලා.

කෙසේ වෙතත් ඔහු නිවාස අඩස්සියේ තබා ගැනීමේ චෝදනාව ජෝර්දාන් ආරක්ෂක අංශ ප්‍රතික්ෂේප කර ඇති බව සදහන්.

එහෙත් රජයේ ස්ථාවරත්වය සහ ආරක්ෂක අංශ විවේචනය කරමින් සිදු කරන ක්‍රියා නතර කරන ලෙස ඔහුට නියෝග කළ බව එරට රජය අවධාරණය කරනවා.

Your Comments