ජී.7 සමුළුව ප්‍රංශයේදී ඇරඹෙයි – ආරක්ෂාවට සෙබලුන් 13,000 ක්

13

ලෝක බලවතුන්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රංශයේ බයාරිට්ස් නුවරදී ජී 7 සමුළුව අද ආරම්භ කෙරුණා.

දින තුනක් පුරා පැවැත්වෙන සමුළුවේදී ගෝලීය වෙළෙඳ යුද්ධය, බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම සහ ඇමසන් වැසි වනාන්තරයේ ගින්න සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ.

ප්‍රංශය, බ්‍රිතාන්‍යය, කැනඩාව, ජර්මනිය, ඉතාලිය, ජපානය සහ අමෙරිකාව යන රටවල් මෙම සමුළුවේ සාමාජිකයින් වනවා.

සමුළුවේ ආරක්ෂාවට සෙබළුන් 13,000 ක් පමණ යොදවා ඇති බව සඳහන්.

Your Comments