ජපානයේ දී නිරෝධායනයට ලක් කෙරුණු නෞකාවේ සිටි අමෙරිකානුවන් ගුවන් මගින් රැගෙන යයි

9

ජපානයේ දී නිරෝධානයකට ලක් කෙරුණු නෞකාවේ සිටි අමෙරිකානු ජාතිකයින් ගුවන් මගින් ජපානයෙන් රැගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ සදහා අමෙරිකාව විසින් ගුවන් යානා දෙකක් යොදවා තිබූ බවයි වාර්තා වන්නේ.
අදාළ නෞකාවේ අමෙරිකානු ජාතිකයින් 400 දෙනෙකු පමණ රැදී සිටි බව සදහන්.
නව කොරෝනා වෛරය වැළදුණු පුද්ගලයින් නෞකාව තුළ පසුවීම හේතුවෙන් අදාළ නෞකාව නිරෝධායනයට ලක් කෙරුණු අතර, එහි ගමන් ගත් පුද්ගලයින්ගේ සංඛ්‍යාව 3700ක්.

Your Comments