ජපානයේ ගං වතුරින් මිය ගිය ගණන 38 දක්වා ඉහළට [Photo & Video]

59

ජපානයේ බටහිර ප්‍රදේශයට බලපා ඇති දැඩි ගංවතුර තත්ත්වය හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ ගණන 38 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
වර්ෂාවත් සමග නායයාම් ද සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.
වැඩිම ආපදා ප්‍රමාණයක් හිරෝෂිමා ප්‍රදේශයෙන් වාර්තා වන අතර එම ප්‍රදේශයට පසුගිය බ්‍රහස්පතින්දා සිටි ධාරාණිපාත වර්ෂාවක් ඇඳහැලෙන බව සඳහන්.
ඒ හේතුවෙන් නිවාස සිය ගණනකට හානි සිදුව තිබෙනවා.
එරට මිලියන 3ක පමණ ජනතාවකට ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙස දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

Your Comments