ජනපති ට්‍රම්ප්ට එරෙහිව දෝශාභියෝගයක් ගෙන ඒමට සුදානමක්

6

ඇමරිකානු නව ජනාධිපති ලෙස තේරී පත් වූ ජෝ බයිඩ්න් ගේ ජය තහවුරු වීමත් සමග ට්‍රම්ප් හිතවාදී රිපබ්ලිකන් පක්‍ෂයේ විරෝධතා කරුවන් පිරිසක් විසින් වොෂින්ටන් අගනුවර කලහකාරී විරෝධතාවක නිරත වුණා .

ඒ ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ අග්‍රස්ථානය ලෙස සැලකෙන කැපිටල් හිල් ගොඩනැගිල්ල හෙවත් කොන්ග්‍රස් මණ්ඩලය ඉලක්ක කරගෙනයි .

මෙම අරගලය හේතුවෙන් එරට පොලිස් ප්‍රධානියාද ඉල්ලා අස් වීමට තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ එසේ තීරණය කොට ඇත්තේ එරට කතානායිකාවගේ ගේ ඉල්ලීම මතයි .

මේ අතර ජනපති ඩොනල් ට්‍රම්ප් ඉවත් නොවුනහොත් 25 වැනි ආණඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ඔහුට එරෙහිව දෝශාභියෝගයක් ගෙන විත් ඔහුව ධුරයෙන් ඉවත් කිරීමට සිදු වන බවයි  කථානායිකා නැන්සි ෆෙලොසි විසින් ප්‍රකාශ කළේ.

ඇමෙරිකානු හිටපු ජනපති ආර්යා වන මිෂෙල් ඔබාමා ජනපති ට්‍රම්ප්ගේ ගිණුම් සියල්ල සදාකාලිකවම අවහිර කරන ලෙසට සමාජ ජලා වලින් ඉල්ලා සිට තිබෙනවා .

මේ අතර ඇමෙරිකාවේ නව ජනපති ලෙස තේරී පත් වූ ජෝ බයිඩ්න් කියා සිටියේ ට්‍රම්ප් පාර්ශවයේ විරෝධතා කරුවන්ගේ මෙම කලහකාරී හැසිරීම හේතුවෙන් ඊයේ දිනය ඇමෙරිකානු ඉතිහාසයේ අඳුරුතම දිනයක් බවට පත් වූ බවයි.

Your Comments