ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාවකට ඉන්දියාවේ දැඩි දෝෂ දර්ශනයට

14

ඉන්දු කාශ්මීරයේ මානව හිමිකම් උල්ලංගණය වන බවට ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා නිකුත් කළ වාර්තාව ඉන්දියාවේ දැඩි දෝෂ දර්ශනයට ලක්වී තිබෙනවා.

කෙසේ වෙතත් ඉන්දීය රජය විසින් එම වාර්තාව දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇති බව සදහන්.

එරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ එම වාර්තාව මගින් ඉන්දියාවේ ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාව අභියෝගයකට ලක් කර ඇති බවයි.

ත්‍රස්තවාදයට එමගින් නීත්‍යනුකූලභාවයක් ලබාදී ඇති බව ද එම නිවේදනයේ සදහන්.

කෙසේ වෙතත්, එම වාර්තාවට පාකිස්තානයෙන් ප්‍රසාදයට ලක් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කලේ.

Your Comments