චෝදනා ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි

13

වොෂින්ටන් අගනුවර පිහිටි ඇමෙරිකානු පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදී අලාභ හානි සිදුකිරීමට සිය අනුගාමිකයන් උසිගැන්වූ බව පිළිගැනීම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එම සිද්ධියෙන් පසු දින 6 ක් නිහඬව සිටි ඇමෙරිකානු ජනාධිපතිවරයා ටෙක්සාසයේ මෙක්සිකෝ දේශසීමා ප්‍රදේශයේ සංචාරයක නිරත වුණේ ඔහුගේ නියමයෙන් ඉදිවන දේශසීමා පවුර නිරීක්ෂණයටයි.

නීතිවිරෝධී සංක්‍රමණිකයන් වැළැක්වීමට එම පවුර ඉදිකළ ද ජනපති ට්‍රම්ගේ අනුගාමිකයන්ගෙන් ඊට වඩා හානියක් ඇමරිකාවට සිදුවන බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් එම ප්‍රකාශ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විරෝධය පල කලා.
මේ අතර, ජනපති ට්‍රම්ප් වහා ඉවත් කිරීම සඳහා 25 වන ව්‍යවස්ථා සංශෝධනය බලගැන්වීම උප ජනාධිපති මයික් පෙන්ස් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ අනුව ඇමෙරිකානු ඉතිහාසයේ දෙවරක් දෝෂාභියෝගයකට ලක් වූ ප්‍රථම ජනාධිපතිවරයා ලෙස ඔහුට එරෙහි දෝෂාභියෝගයේ ඡන්ද විමසීම ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයේදී අද සිදුකෙරෙනු ඇති.

 

Your Comments