චීන සංචාරකයින්ට උතුරු කොරියාවේ දොර වැසෙයි

27

චීනයේ සිට තම රටට සංචාරකයින්ට ඇතුල් වීම තහනම් කරමින් උතුරු කොරියාව නියෝගයක් පනවා තිබෙනවා.
ඒ චීනයේ පැතිරෙමින් පවතින නව කොරෝනා වෛරසය හේතුවෙන් බවයි වාර්තා වන්නේ.
මේ අතර නව කොරෝනා වෛරසයට ගොදුරුවූ පුද්ගලයින්ට ප්‍රතිකාර කළ වෛද්‍ය සේවකයින් 20 දෙනෙකු පමණ එම වෛරසයට ගොදුරුවී ඇති බවයි චීන සෞඛ්‍ය බලධාරින් තහවුරු කර ඇත්තේ.
චීනයෙන් වාර්තා වූ කොරෝනා වෛරසයට මේ වන විට පුද්ගලයින් 325 දෙනෙක් ගොදුරුවි තිබෙනවා.
වෛරසය හේතුවෙන් මේ වන විට මිය ගිය රෝගීන් සංඛ්‍යාව 06ක්.
මින් පෙර වාර්තා නොවූ වෛරසයක් වන මෙය සිඝ්‍රයෙන් මිනිසුන් අතරේ සම්ප්‍රේෂණය වන බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම වාර්තා කර ඇත්තේ.

Your Comments