චීන දේශසීමා වසා දමන්නැයි බල කරමින් හොංකොං හි රෝහල් සේවකයින් වැඩවර්ජනයක

23

හොංකොං හි රෝහල් සේවකයින් සිය ගණනක් අද වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, චීනය සමග පවතින දේශ සීමා සම්පූර්ණයෙන් වසා දමන ලෙස ඉල්ලමින්.

පැතිර යන කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා මෙම පියවර ගත යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ වන විටත් දේශ සීමා හරහා සිදුවන දුම්රිය ගමනාගමන කටයුතු ඇතුළු කටයුතු රැසක් අවලංගු කර ඇතත් හොංකොං හි රෝහල් සේවකයින් අවධාරණය කරන්නේ දේශ සීමා සම්පූර්ණයෙන් ම වසා දැමිය යුතු බවයි.

කෙසේ වෙතත් දේශ සීමා සම්පූර්ණයෙන්ම වසා දැමුවහොත් එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස්වලට එරෙහිවීමක් බව බලධාරීන් පෙන්වා දෙන්නවා.

Your Comments