චීන ජනපති සහ ඉන්දීය අගමැති අතර හමුවක්

6

චීන ජනපති ෂී ජින් පින් සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර හමුවක් මෙම සතියේදී පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ලබන 13,14 යන දෙදින කිරිකිස්ථානයේ පැවැත්වීමට නියමිත ෂැංහයි සහයෝගීතා සංවිධානයේ සමුළුවට සමගාමීව මෙම හමුව සිදුවනු ඇති.
ඉන්දීය මහ මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂය විශිෂ්ඨ ජයක් ලබා මෝදි යළි ඉන්දීය අගමැති ලෙස තේරීපත්වීමෙන් පසුව දෙරටේ නායකයන් හමුවන පළමු අවස්ථාව මෙයයි.

Your Comments