චීන එන්නතට බ්‍රසීලයෙන් චෝදනා

18

චීන සිනොවැක් සමාගම මගින් නිෂ්පාදනය කරන කොරෝනා වැක් එන්නත පිළිබඳ විශ්වාසය තැබිය නොහැකි බව බ්‍රසීල සෞඛ්‍ය විශේෂඥයන් පවසනවා.

අදාළ එන්නත පිළිබඳ බ්‍රසීලය තුළ අත්හදා බැලීම් සිදුකළ සාඕ පාලෝහි බුටන්ටන් පර්යේෂණ ආයතනයේ විශේෂඥයන් පෙන්වා දෙන්නේ එහි ඵලදායිතාවය සියයට 50 ක් පමණ වන බවයි.

කෙසේ වෙතත් එහි ඵලදායිතාවය සියයට 78ක් ලෙස පසුගිය දා චීනය විසින් ප්‍රකාශයට පත් කර තිබුණා.

මෙය අඩු වියදමිකින් සහ කඩිනමින් නිෂ්පාදනය කළ හැකි එන්නතක් ලෙස බලාපොරොත්තු තබා තිබුණ ද මේ තත්ත්වය යටතේ එය බිඳවැටී ඇති බවයි විශේෂඥයින් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

දැනටමත් රටවල් 10 ක් විසින් මෙම එන්නත් මිලියන 380 ක් පමණ ඉල්ලු‍ම් කර ඇති අතර නව තත්වය හේතුවෙන් එම රටවල් සහ නිෂ්පාදකයන්ද අර්බුදයකට මුහුණ දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Your Comments