චීනයේ ආරක්ෂක වියදම් ඉහළට

6

අභියෝග හා අවදානම් රැසකට මුහුණ දුන්න ද චීන ආර්ථිකයේ පසුබෑමක් නොවනු ඇති බව චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යං විශ්වාසය පල කළා.

 

ඒ 13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ සිව්වැනි සැසිවාරයේදී චීන රාජ්‍ය කාර්ය වාර්තාව ඉදිරිපත් කරමින්.

සැසිවාරය බෙයිජිංහිදී ආරම්භ වුණේ ජනාධිපති ෂී ජින් පිං ඇතුළු නියෝජිතයින් තුන් දහසක් පමණ සහභාගිත්වයෙන්.

මේ අතර, චීනයේ ආරක්ෂක වියදම් පෙර වසරට වඩා සියයට 6 යි දශම 8 කින් ඉහළ නංවා තිබෙනවා.

ආරක්ෂක වියදම් ඉහළ නංවා ඇත්තේ අඛන්ඩ 6 වන වසරටයි.

ඒ අනුව, මේ වසරේ චීනයේ ආරක්ෂක වියදම ඩොලර් බිලියන 200 ඉක්මවන අතර, එය ඉන්දියාවේ ආරක්ෂක වියදම මෙන් තුන් ගුණයකට අධිකයි.

ආරක්ෂක වියදම් කෙටුම්පත ද අග්‍රාමාත්‍යවරයා විසින් ජාතික මහජන කොංග්‍රසය වෙත ඉදිරිපත් කළා.

Your Comments