චිලී දේශයේ ගැටුම් තවදුරටත් උත්සන්න වෙයි

22

චිලී දේශයේ සිදු කෙරෙන රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ තවදුරටත් උත්සන්න වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ විරෝධතා අතරතුර දී ඇගලුම් කම්හලක් ගිනි තැබීම හේතුවෙන් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් ඇති බවයි.

ඉන්ධන මිල ඉහළ යාම හා දුම්රිය ගමන් ගාස්තු ඉහළ නැංවීම මුල් කර ගනිමින් මෙම විරෝධතා පැවැත්වෙන බව සදහන්.

ගැටුම්වල දී වෙළෙඳ සංකිර්ණයක ද ගින්නක් හට ගෙන තිබූ අතර, එහිදී පුද්ගලයන් තිදෙනෙකු මිය ගියා.

පවතින තත්ත්වය පාලනය කිරීම සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමටයි එරට රජය පියවර ගෙන ඇත්තේ.

Your Comments