චිනයට රටවල් 5කින් දෝස් මුර

9

චීනය විසින් එක්සත් රාජධානිය, අමෙරිකාව, ඔස්ටේ්‍රලියාව, නවසීලන්තය සහ කැනඩාව දැඩි විවේචනයට ලක් කර තිබෙනවා.

ඒ, හොං කොං හි විවේචකයින් නිෂ්ශබ්ද කිරීමට චීනය ක්‍රියාකරන බවට එම රටවල් චෝදනා කිරීම හේතුවෙන්.
එම රටවල් 5, ඇස් පහේ සන්ධානය ලෙස හඳුන්වන්නේ.

නව නීති හඳුන්වා දී මෑතකදී තේරී පත්වූ මන්ත්‍රීවරු ඉවත්කිරීමට චීනය විසින් නව නීති හඳුන්වාදීම එම සන්ධානයේ දැඩි දෝෂාරෝපණයට හේතු වුණා.

ඒ අනුව චිනයේ එම තීරණය හකුළා ගන්නා ලෙසයි එම රටවල් බල කර සිටියේ.

කෙසේ වෙතත් රජයේ කටයුතු වලට බාධා කරන එම රාජ්‍යන්ට දැඩි බලපෑම් එල්ල කරන බවට චීනය අනතුරු අඟවනවා.

Your Comments