චැන්ගී සඳ මතට ගොඩබසියි

18

කිලෝග්‍රෑම් දෙකක පමණ චන්ද්‍රයාගේ පස් සහ පාෂාණ සාම්පල එක්රැස් කර ඉදිරි දින දෙක තුළදී පෘථිවිය මතට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව චීනය ප්‍රකාශ කළා.

චීනය සඳේ සිට පාෂාණ පෘථිවිය ට රැගෙන එන්නේ වසර 44 කට පසුවයි.
සෝවියට් ලූනා 24 යානය මගින් අවසන් වරට 1976 දී රැගෙන ආ චන්ද්‍ර පාෂාණ ප්‍රමාණය ග්‍රෑම් 200 ක්.

චැන්ගී-පහ චන්ද්‍ර ගවේෂණ රොබෝ යානය ඊයේ සඳ මතට ගොඩබැස්ස වීමත් සමග තවත් ඉදිරි පියවරක් සනිටුහන් වූ බවයි චීන චන්ද්‍ර ගවේෂණ වැඩසටහන නිවේදනය කළේ.

චීන වැසියන් සඳ දෙවඟන හඳුන්වන්නේ චැන්ගී නමින් වන අතර චැන්ගී – පහ යානය චන්ද්‍රයාගේ ගිනි කඳු සංකීර්ණයක් පිහිටි කලාපයකටයි ගොඩ බස්සවා ඇත්තේ.

විශේෂිත යානයේ රොබෝ උපකරණ මගින් චන්ද්‍ර පාෂාණ එක්රැස් කර ගනු ඇති.
ටොන් 8 දශම 2ක පරිමාණයේ චන්ගී – පහ අභ්‍යවකාශ යානාය දකුණු චීනයේ වෙන්චැං අභ්‍යවකාශ ගුවන්තොටුපළෙන් පසුගිය 24 වන දින ගුවන් ගුවන් ගත කෙරුනා.

Your Comments