චන්ද්‍රයාට ගොඩ බැස්සවීමට ‘ඔන්න මෙන්න’ තිබියදී ඉන්දියාවේ ‘චන්ද්‍රයාන් 2’ නොපෙනී යයි (PHOTOs)

38

ඉන්දියාව විසින් සඳ මතු පිටට ගොඩ බැස්වීමට ගිය චන්ද්‍රයාන් දෙක (Chandrayaan-2) යානය,පෘථිවිය හා පැවති සන්නිවේදන සම්බන්ධතා බිඳ වැටී තිබෙනවා.

යානය සඳ මතුපිටට ගොඩබැස්වීම සිදු කිරීමට මොහොතකට පෙර සන්නිවේදන සබඳතා බිඳ වැටී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මෙතෙක් චන්ද්‍රයාගේ ගවේෂණය නොකළ දකුණු ධ්‍රැව ප්‍රදේශයට යානයක් ගොඩබැස්වූ පළමු රට ලෙස ඉතිහාස ගත වීමේ අවස්ථාව ද ඉන්දියාවට අහිමි වනු ඇති.

යානය සඳ මතු පිටට ගොඩ බැස්වීමට ‘ඔන්න මෙන්න’ තිබියදී කිසිවෙක් අපේක්ෂා නොකළ සිද්ධිය සම්බන්ධයෙන් ‘සඳ තරණ මෙහෙයුම්’ කාර්ය මණ්ඩලය දැඩි කසසල්ලාට පත්ව සිටිනවා.

කෙසේ වෙතත් අගමැති මෝදී, බැන්ගලොර් මෙහෙයුම් මධ්‍යස්ථානයයේ (ISRO centre – Indian Space Research Organisation) දී එම පිරිස දිරිගන්වනු දක්නට ලැබුණා.

චන්ද්‍රයාන් 2 ‘අද්විතිය මෙහෙයුමක්’ බව ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි පවසනවා.

චන්ද්‍රයාන් දෙක යානය චන්ද්‍රයාගේ සමීප ඡායාරූප පවා ලබා ගෙන ඉන්දියානු මෙහෙයුම් මධ්‍යස්තානයට ඒවා තිබුණා.

ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය විසින් එම ඡායාරූප ප්‍රසිද්ධ කළේ ‘ආවාට පවා’ හඳුන්වා දෙමින්.

පසුගිය ජුලි 22 දා ඉන්දියානු වේලාවෙන් පස්වරු 2.43 ට සඳ ගවේෂණය සඳහා චන්ද්‍රයාන් දෙක යානය අභ්‍යවකාශ ගත කළා.

ඇමරිකානු ඩොලර් මිලියන 150ක් මෙහෙයුම සඳහා වය කර ඇති අතර, මෙහෙයුමේ අරමුණ වී ඇත්තේ චන්ද්‍රයා මතුපිට ජලය, ඛනිජ සහ පාෂාණ සංයුතිය පිළිබඳ තොරතුරු රැස් කිරීමයි.

යානය සඳ මතට ගොඩ බැස්සවීමට නියමිතව තිබුණේ අද එනම් සැප්තැම්බර් 07 යි.

චන්ද්‍රයාන් දෙක යානය සාර්ථකව සඳ මත ගොඩ බැස්සවූයේ නම්, යානයක් සඳ මත ගොඩ බැස්ස වූ ලොව සිව්වන රට ලෙසයි ඔවුන් ඉතිහාස ගත වන්නේ.

මීට පෙර අමෙරිකාව, සෝවියට් රුසියාව සහ චීනය අභ්‍යවකාශ යානා සඳ මත ගොඩ බස්සවා තිබුණා.

ඉන්දියාව 2008 වසරේ දී ද සඳ මත මෙහෙයුමක් සිදු කළ තිබූ නමුත් අභ්‍යවකාශ යානයක් සඳ මත ගොඩ බැස්සවීමට කටයුතු කළේ නැහැ..

චන්ද්‍රයාන් දෙක අභ්‍යවකාශ ගතකිරීමට නියමිතව තිබුණේ ජුලි 15 වනදායි.

කෙසේ වෙතත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එය තාවකාලිකව නවතා දැමුණා.

Your Comments