ගෝදාවරී ගඟේ බෝට්ටුවක් පෙරළී පුද්ගලයන් 12ක් මරුට

12

ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ ගෝදාවරී ගංඟාවේ බෝට්ටුවක් පෙරළීමෙන් පුද්ගලයන් 12 දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ.සින්ගානාපල්ලි සිට පාපිකොන්ඩොලු බලා යාත්‍රා කරමින් තිබූ සංචාරක බෝට්ටුවක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි

අනතුර සිදුවන අවස්ථාවේ බෝට්ටුවේ මගීන් 50 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 11 දෙනෙකු සිට තිබෙනවා.

ඉන්දිය වාර්තා සඳහන් කළේ. ඉන් 24 දෙනෙකු මේ වනවිටත් මුදාගෙන ඇති අතර, සෙසු පිරිස සොයා සෝදිසි මෙහෙයුම් සිදුකරන බවයි

Your Comments