ගුවන් යානයක් කඩා වැටී 9ක් මරුට – තුන් දෙනෙකුට තුවාල

19

ඇමෙරිකාවේ දකුණු ඩකෝටා ප්‍රාන්තයේ දී සිදු වූ  ගුවන් අනතුරකින් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

කඩා වැටී ඇත්තේ PC-12 දරන තනි එන්ජිමේ යානයක්.

සියැක්ස් දිය ඇල්ලට සැතපුම් 180ක් පමණ බටහිරින් පිහිටි චේම්බර්ලයින් ප්‍රදේශයේ දී යානය ගුවන් ගත කර ටික වෙලාවකින් අනතුරට පත්ව තිබුණා.

බලධාරීන් නිවේදනය කළේ යානයේ පුද්ගලයින් 12 දෙනෙකු ගමන් කළ බවයි.

මියගිය අය අතර නියමුවා සහ ඔහුගේ දරුවන් දෙදෙනා ද වනවා.

මාධ්‍ය වාර්තා පවසන්නේ අනතුර සිදුවන අවස්ථාව වන විටත් චේම්බර්ලයින් සහ මධ්‍යම සහ දකුණු ඩකෝටා කලාපවලට ශීත සුළි කුණාටු අනතුරු ඇඟවීමක් ද නිකුත් කර තිබූ බවයි.

 

Your Comments