ගවයන් 6000ක් රැගත් නැවක් අතුරුදන්

243

ගවයින් 6,000ක් සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් අතුරුදන්ව තිබෙනවා.

ඒ සුළි කුණාටුවක් හේතුවෙන්.

අතුරුදන්ව ඇත්තේ The Gulf Livestock 1 නම් නෞකාවයි.

නෞකාවේ කාර්ය මණ්ඩලයේ 43 දෙනෙකු සිට ඇති බවයි වාර්තා වන්නේ.

ජපාන වෙරළාරක්ෂක බලකාය විසින් එක් නාවිකයෙකු බෙරාගෙන තිබෙනවා.

The Gulf Livestock 1 නෞකාවෙන් බටහිර චීන මුහුදේ දී ආපදා සඥාවක් නිකුත් කර ඇත්තේ Maysak සුළි කුණාටුවට හසුව ඇති බව පවසමින්.

අධික රළ හා තද සුළං මධ්‍යයේ සෙසු කාර්ය මණ්ඩලය සහ නෞකාව සෙවීම සඳහා ගුවන් යානා සහ සහන යාත්‍රා කිහිපයක්
යොදවා තිබෙනවා.

නැවේ කාර්ය මණ්ඩලයට පිලිපීන නාවිකයින් 39ක්, නවසීලන්ත වැසියන් දෙදෙනෙකු සහ ඕස්ට්‍රේලියානුවන් දෙදෙනෙකු ඇතුළත්.

බේරාගත් පුද්ගලයා පිලිපීන කාර්ය මණ්ඩලයේ අයෙක්.

නැව රළ පහරකට හසු වී පෙරළී ගොසස් ඇති බවයි ඔහු පවසා ඇත්තේ.

Gulf Livestock 1, අගෝස්තු 14 වන දා නවසීලන්තයෙන් පිටත්ව ඇත්තේ චීනය බලා ගමන් කිරීමටයි.

ගමනට දින 17ක් වෙන් කර තිබුණා.

නවසීලන්ත විදේශ අමාත්‍යංශය පැවසුවේ නෞකාව බදාදා රාත්‍රියේ නිරිතදිග ජපානයේ අමාමි ඔෂිමා දූපතට බටහිර සාගර කලාපයේ දී ආපදා සඥාවක් ඒවා ඇති බවයි.
.
The Gulf Livestock 1 බැඳ නෞකාව දිගින් මීටර 139ක්. එනම් අඩි 450ක්.

පැනමා ධජය යටතේ එය ලියාපදිංචි කර ඇත්තේ 2002 දී.

Maysak සුළි කුණාටුවේ බලපෑමෙන් දකුණු කොරියාවේ පුද්ගලයන් 2200ක් පමණ ආපදාවට ලක්ව සිටිනවා.

Your Comments